පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූල්‍ය ප්‍රගතිය, ලාභදායීත්වය මෙන්ම කොළඹ වරාය මුහුණ දී සිටින කලාපීය සහ දේශීය තරඟකාරීත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
ඉන්දියාවේ විසිංජම් වරායේ වර්ධනය, MSC ආයතනයේ ආයෝජන සහ හම්බන්තොට වරායේ ධාරිතාව ඉහළ නැංවීමේ සැලසුම් හේතුවෙන් කොළඹ වරායට එල්ල වී ඇති තරඟකාරී බලපෑම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එසේම, කොළඹ වරායේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයන්, ප්‍රසම්පාදන ගැටලු සහ ඒවාට වගකිවයුතු පාර්ශ්ව හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති අතර, හම්බන්තොට, ගාල්ල සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රාදේශීය වරායන් සංවර්ධනය කිරීම සහ දේශීය ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.














