දශක හයකට අධික කාලයක් පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට වාසනාව උදා කරමින් සහ සමාජ සුබසාධනයට මෙන්ම රාජ්‍ය සේවයට අනුපමේය දායකත්වයක් ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන රාත්‍රියේදී ‘ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා’ අංශයේ අනුශූරතා සම්මානයෙන් පිදුම් ලබා ඇත.
දිවයින පුරා විසිරී ඇති අලෙවි ජාලයේ ශක්තිය සහ පාරිභෝගික විශ්වාසය මෙම ජයග්‍රහණයට හේතු වූ බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා මහතා පවසයි.














