ජී.එස්.පී. ප්ලස් (GSP Plus) ප්‍රවේශය ලබා ගැනීම සඳහා එකඟතාව පළ කළ ප්රතිඥාවන් කිහිපයක් සපුරාලීමට පාකිස්තානය අසමත්වී ඇතැයි යුරෝපා සංගමයේ නවතම තක්සේරු වාර්තාවකින් අනාවරණය වී තිබේ.
2023-2025 කාලසීමාව ඇතුළත පාකිස්තාන දේශපාලන තත්ත්වය සහ මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් දැඩි ගැටලු මතුව ඇති බව පෙන්වා දෙන යුරෝපා සංගමය, විශේෂයෙන්ම 2024 මහ මැතිවරණයෙන් පසු විපක්ෂ නායකයන් මර්දනය කිරීම සහ දේශපාලන කටයුතු සඳහා හමුදාව මැදිහත්වීම දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇත. වසර 2014 සිට ජී.එස්.පී. ප්ලස් ප්රතිලාභ ලබන පාකිස්තානය, 2024 වසරේදී පමණක් යුරෝ බිලියන 7.5ක අපනයන සිදු කරමින් යුරෝ මිලියන 732ක තීරුබදු සහන ලබාගෙන ඇති ප්‍රධානම ප්‍රතිලාභියා වන නමුත්, මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී පසුබැස්ම හේතුවෙන් මෙම තක්සේරුව දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














