නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇතැයි කියුෂූ දූපතේ කුමමෝටෝ ප්‍රාන්තයේ බලධාරීන් තහවුරු කර තිබේ.
භූ කම්පනයෙන් සාප්පු සංකීර්ණයක් කඩා වැටීමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, නිවාස 30,000කට අධික ප්‍රමාණයකට විදුලිබලය විසන්ධි වී ඇත. දහස් සංඛ්‍යාත ප්‍රදේශවාසීන් පිරිසක් අවතැන් කඳවුරුවල රැඳී සිටින අතර, පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් සහන සැලසීමේ කටයුතුවලදී මතු වී ඇති අභියෝග මැඩලීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර 300ක් යැවීමට ආරක්ෂක ඇමැති ෂින්ජිරෝ කොයිසුමි පියවර ගෙන තිබේ.














