බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු විසින් පාසල් සිසුවියන්ට අසභ්‍ය පණිවිඩ යැවීම සම්බන්ධයෙන් වන පුවතක් මේ වන විට ප්‍රදේශය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
ගුරු-සිසු සබඳතාවල සදාචාරාත්මක සීමාවන් බිඳවැටීමක් ලෙස සැලකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික තොරතුරු වාර්තා වන අතර, මෙවැනි ක්‍රියා හේතුවෙන් පාසල් පද්ධතියේ විනය හා ගරුත්වයට දැඩි හානි සිදුවන බව දෙමාපියන් සහ පාර්ශ්වකරුවන් පෙන්වා දෙති.
මෙම සිදුවීමට අදාළව වගකිවයුතු අංශ විසින් විමර්ශන පවත්වා නීතිමය හා විනයානුකූල පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බවත්, දරුවන්ගේ ආරක්ෂාව සහ විනය සුරැකීම වෙනුවෙන් බලධාරීන් මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වාර්තා වේ.














