උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැඳවියන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක් ජංගම දුරකථනයකින් රහසිගතව වීඩියෝ කළ කාන්තාවක් උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය ඉදිරිපිටදී දුරකථනය සඟවාගෙන මෙම වීඩියෝගත කිරීම සිදු කර ඇති අතර, සැකකාර කාන්තාවගේ පුත්‍රයෙකු මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට ලක්වූ අයෙකු බව අනාවරී වී ඇත. යම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මෙම වීඩියෝ කිරීම සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.














