ඉන්දීය සිනමාවේ දැවැන්ත නිර්මාණයක් ලෙස සැලකෙන ‘Ramayana’ චිත්‍රපටයේ පළමු පූර්ව ප්රචාරක පටය නිකුත් වීමත් සමඟ ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. රුපියල් කෝටි 4,000ක පමණ පිරිවැයකින් නිර්මාණය වන මෙම චිත්‍රපටය ලෝක ප්‍රකට Avatar, Gladiator සහ The Lord of the Rings වැනි නිර්මාණවල අත්දැකීම් සමඟ සසඳිය හැකි බව එහි නිෂ්පාදක නාමිත් මල්හෝත්‍රා පවසා ඇත.














