ඉන්දියානු නගර ආර්ථික වර්ධනයේ සහ ජීවත්වීමට සුදුසු උසස් පරිසරයක කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘නාගරික පරිවර්තන සහ ආයෝජන වැඩසටහන’ සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ණය මුදලක් අනුමත කර තිබේ.
නාගරික ආයතන ශක්තිමත් කිරීම, ඒකාබද්ධ ආර්ථික හා භූගෝලීය සැලසුම්කරණය ඉහළ නැංවීම සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ. මීට අමතරව, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිසර හිතකාමී නාගරික පුනර්ජීවනය, ප්‍රවාහන මුල්කරගත් සංවර්ධනය සහ ඩිජිටල් පද්ධති හරහා නාගරික පාලනය නවීකරණය කිරීම සඳහා මෙම ණය මුදල යොදවන බව සඳහන් වේ.














