පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් වෙමින් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් අද (31) පස්වරුවේ මෙම තුරුව නිකුත් කරනු ලැබිණි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනා යටතේ මොවුන්ට මෙම දඬුවම නියම කර ඇත.














