විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ තීරණය හරහා අල්ලස් පනතේ ප්‍රතිපාදන කිහිපයක් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් ඔහු මෙම පියවර ගෙන ඇත. මේ අතර, මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පළ කළ විරෝධයට ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලයද තම පූර්ණ සහාය පළ කර තිබේ. අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස ඉහළ නැංවීම අධිකරණයට අයුතු ලෙස ඇඟිලි ගැසීමේ පැහැදිලි උත්සාහයක් ලෙස ජනතාව දකිනු ඇති බව ප්‍රංශ නීතිඥයින් පෙන්වා දී ඇත.














