හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් (Strait of Hormuz) පිටව යාමට උත්සාහ කළ නෞකා දෙකක් තම බලකායන් විසින් නවතා දැමූ බව ඉරානය ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය බලශක්ති සැපයුම් පිළිබඳ බිය යළිත් ඉහළ යමින් සිකුරාදා දින බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී ඇති අතර තවත් නෞකා හතරක් හරවා යවා ඇති බවයි. කෙසේ වෙතත් මෙම වාර්තා ස්වාධීනව තහවුරු කර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැත. ගෝලීය බලශක්ති ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණත G සමුද්‍ර සන්ධිය හරහා සිදුවන අතර, මෙම තත්ත්වයත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් අනාගත කොන්ත්‍රාත් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක පවතී. මේ අතර, කලාපයේ උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ සෞදි අරාබිය රතු මුහුදේ ජාත්‍යන්තර නෞකා සහ බලශක්ති සැපයුම් මාර්ග ආරක්ෂා කිරීම සඳහා බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සන්ධානයක් සඳහා වන සැලසුම් ප්‍රකාශයට පත් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













