මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්තාවය මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අද (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර, සිද්ධියෙන් රැඳවියන් 4 දෙනෙකු තුවාල ලබා ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේඛ බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඇති අතර, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යොදවා තිබේ. රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති අතර, ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. එසේම, බන්ධනාගාරය වෙත පැමිණි රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින අතර, බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක්ද ඇසුණු බව ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
















