සිය 20 වැනි සංවත්සරය සමරමින්, ශ්‍රී ලංකා නායකත්ව සංවර්ධන සහ වෘත්තීය පුහුණු සමාගමක් වන ‘ස්මාර්ට් ක්වෙස්ට්’ (Smart Quest) ආයතනය මාලදිවයින වෙත තම සේවාවන් පුළුල් කර තිබේ. මෙය ඔවුන්ගේ පළමු විදෙස් ව්‍යාප්තිය වේ.
අලුතින් පිහිටුවන ලද ‘Smart Quest Coaching and Consulting (Pvt) Ltd Maldives’ හරහා මාලදිවයිනේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් වෙත නායකත්ව පුහුණුව, වෘත්තීය පුහුණු සහතික කිරීම්, විධායක සහ කණ්ඩායම් පුහුණු කිරීම් (Executive and team coaching) සහ මානව සම්පත් උපදේශන සේවා ලබා දීමට නියමිතය. මෙම ප්‍රවේශය යටතේ ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ සම්මේලනයේ (ICF) මට්ටම් 1 අනුමත ‘Leading with Impact’ වැනි ප්‍රසිද්ධ නායකත්ව වැඩසටහන් ද මාලදිවයින තුළ ක්‍රියාත්මක කෙරේ.














