යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති සැපයුම් බිඳවැටී විදුලිය ඇනහිටීම නිසා, ක්‍රිමියානු අර්ධද්වීපයේ මස්සන්ඩ්‍රා (Massandra) නගරයේ වැසියන් පිරිසක් දෛනික උණුසුම් ආහාර ලබා ගැනීම සඳහා ක්ෂේත්‍ර මුළුතැන්ගෙයක් (field kitchen) වෙත පෝලිම් ගැසී සිටිති.
රුසියාව විසින් 2014 වසරේදී ඈඳා ගන්නා ලද ක්‍රිමියානු ප්‍රදේශයේ නගර රැසක්, රුසියානු බලශක්ති මධ්‍යස්ථාන සහ සැපයුම් දාම ඉලක්ක කරමින් යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් දැඩි ඉන්ධන හා විදුලි අර්බුදයකට මුහුණ දී සිටී. විදුලි උදුන් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා දිනකට පුද්ගලයින් 200කට පමණ උණුසුම් ආහාර ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින බව මස්සන්ඩ්‍රා නගර පරිපාලන ප්‍රධානී ඔක්සානා මඩියුඩ් ප්‍රකාශ කර තිබේ.
















