කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් දුරකථන ඇමතුම් ලබාදී මුදල් ඉල්ලීම් සහ විවිධ වංචනික ක්‍රියාකාරකම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇත.
මෙවැනි වංචනික පුද්ගලයන්ට කිසිදු අවස්ථාවක මුදල්, පුද්ගලික තොරතුරු හෝ ලේඛන ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, එවැනි සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ ලැබුණහොත් වහාම ආසන්නතම පොලිස් ස්ථානයට හෝ අදාළ අංශ වෙත දැනුම් දෙන ලෙස දන්වා සිටී. වංචාවන්ට හසු නොවී සැමවිටම දැනුවත්ව කටයුතු කරන්න.














