මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා තිබේ.
අද (01) පස්වරුවේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, බන්ධනාගාරය අවට රැස්ව සිටින ඥාතීන් අතර ද නොසන්සුන්තාවක් හටගෙන තිබේ. බන්ධනාගාරය තුළ අභ්‍යන්තර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව මෙම ගුවන් යානා සහ ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
















