අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි විය යුතු මූල්‍ය ප්රතිලාභ ඔවුන්ගේ ගිණුම්වලට බැර නොකර, නිලධාරීන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම් වෙත මාරු කරමින් විශාල පරිමාණයේ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිලධාරීන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, 2025 වසරේ සිට මෙම වංචාව ක්‍රියාත්මක වී ඇති බවත්, ප්‍රතිලාභීන්ට මුදල් නොලැබීම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කරන ලද පැමිණිලි මත අනාවරී කරගත් විගණන වාර්තා හරහා මෙම නීතිවිරෝධී ක්‍රියාව හෙළි කරගත් බවත් සඳහන් කළ හැක.
















