මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්රික් වුට්ලර් මහතා ප්‍රකාශ කරයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා කඳලියද්දපාලුව බටහිර, කඳලියද්දපාලුව උතුර සහ දමුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය පවසයි. පවතින තත්ත්වය හමුවේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තම නිවෙස් තුළම රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම ගැටුමෙන් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, මහජන සාමය තහවුරු කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.














