ඉන්දියාවේ ටජ්මහලටත් වඩා පැරැණි ප්‍රේමය සංකේතවත් කරන ස්මාරකයක් ලෙස සැලකෙන, කාවන්තිස්ස මහ රජතුමා විහාරමහා දේවිය සමඟ අතිනත ගැනීමේ විවාහ මංගල්‍යය සිහිවීම පිණිස ඉදිකරන ලද ඓතිහාසික ‘මගුල් මහා විහාරය’ පුරා විවිධ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක රැසක් ව්‍යාප්ත වී පවතී.සිතුල්පව්ව රාජමහා විහාරයට කිලෝමීටර් 11.27ක් මෙපිටින් සහ යෝධකණ්ඩියේ සිට කිලෝමීටර් 11.27ක් දුරින්, කිරින්ද ග්‍රාමසේවා වසමේ මෙම පින්බිම පිහිටා ඇත. ක්‍රි.පූ. 1 – 3 වන සියවසට අයත් වන මෙම ආරාම සංකීර්ණය තුළ කටාරම් කෙටූ ලෙන් 25 ක් පමණ ඇති අතර, ඒ අතරින් ලෙන් 11 ක සෙල්ලිපි කොටා තිබේ.
මීට අමතරව, බුන්දල පතිරාජවෙල ප්‍රදේශයෙන් සහ මගුල් මහා විහාරය අවට භූමියෙන් ආදි මානවයා භාවිතා කළ ගල් ආයුධවල කොටස්, තිරිවාණා ගල් පතුරු සහ ප්රාග් ඓතිහාසික යුගයට අයත් ජනාවාස සාධක රැසක් ද හමුවී ඇත. වර්තමානයේ මෙම ඓතිහාසික පුදබිමේ සංරක්ෂණ හා ප්‍රතිස්ථාපන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, වනජීවී සීමාවන් සහ විවිධ බාධක මධ්‍යයේ වුවද බෝපාගොඩ නාගිත හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ නමක් එහි වැඩම කරමින් විහාරස්ථානයේ ආරක්ෂාව හා කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබති.














