2026 අගෝස්තු 01 වන දින බෙම්මුල්ල පොලිස් වසමේ කලගෙඩිහේන ප්‍රදේශයේදී බෙම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, නීතිවිරෝධී මත්පැන් ලීටර් 33 යි මිලිලීටර් 750 ක් (බෝතල් 45 ක්) සහ ගෝඩා ලීටර් 1061 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන තත්තම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














