2026 අගෝස්තු 01 වන දින මීගමුව පොලිස් වසමේ මීගමුව වෙරළ උද්‍යානයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 776 යි ග්‍රෑම් 600 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29, 31 සහ 40 යන වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















