ඊයේ (01) දිනයේදී මහර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම සමගි ජන බලවේගයට සම්බන්ධ සමාජ මාධ්‍ය කිහිපයක් මඟින් සජීවීව වාර්තා කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසයි.”අපි දැක්කා ඊයේ සවස සිට මෙවැනි සමාජ මාධ්‍ය නාලිකා ගණනාවක් සහ ප්‍රධාන මාධ්‍ය නාලිකා කිහිපයක් මහර සිද්ධිය වාර්තා කරපු ආකාරය. ඒවා රැඳවියන්ගේ ඥාතීන් සහ සෙසු පිරිස් අතර අනිසි නොසන්සුන්තාවයක් ඇතිකරන සුළු තත්ත්වයකට පත්කළා. රටේ ප්‍රධාන විපක්ෂයට අයත් දේශපාලන පක්ෂය මේ විදිහට මහර සිදුවීම තවදුරටත් නොසන්සුන්තාවයක් වර්ධනය කිරීමට ඍජුව මැදිහත්වීම පුදුමයට කරුණක්” බව ඔහු සඳහන් කර ඇත.














