ශ්‍රී ලංකාවේ මෑත කාලීන අධිකරණ තීන්දු සම්බන්ධයෙන් බීබීසී ප්‍රවෘත්ති වාර්තාකාරිනී අයෂා ටුල් (Ayshah Tull) සමඟ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෆරාස් ෂෞකතාලි (Faraz Shauketaly) ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩු තීන්දු මඟින් රට තුළ දැඩි සහනදායී වාතාවරණයක් උද්ගත වී ඇති බවයි.
මෙම තීන්දු මෙරට අධිකරණ ඉතිහාසයේ කෙතරම් වැදගත් සන්ධිස්ථානයක් දැයි යන්න පිළිබඳව ඇය ඔහුගෙන් විමසා තිබේ.














