මොරොක්කෝවේ සිට දසදහස් සංඛ්‍යාත අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් ස්පාඤ්ඤයේ Ceuta කලාපයට කඩා වැදීමෙන් මතු වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ, යුරෝපා සංගමයේ හදිසි රැස්වීමක් ලබන අඟහරුවාදා (2) පැවැත්වීමට තීරණය කර තිබේ.ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලබාදුන් නියෝගයක් වැරදි ලෙස වටහා ගැනීම හේතුවෙන්, ඉකුත් බදාදා සිට මොරොක්කෝවේ සිට පැමිණි දසදහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පිරිසක් සියුටා දේශසීමාව තරණය කර ස්පාඤ්ඤයට ඇතුළු වී තිබූ අතර, මුහුද තරණය කිරීමේදී සංක්‍රමණිකයන් විශාල පිරිසක් දියේ ගිලී මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල නියෝජිතයන් පිරිසක් ඊයේ (1) වීඩියෝ තාක්ෂණය ඔස්සේ හදිසි හමුවක් පවත්වා ඇති අතර, පාලනයකින් තොරව සිදුවන මෙම දේශසීමා උල්ලංඝනය වැළැක්වීම සඳහා වහාම කඩිනම් තීරණයක් ගත යුතු බව සාමාජික රටවල් 27න් 22ක නායකයින් පෙන්වා දී තිබේ. නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීමට සහ ඊට එරෙහිව නිර්දය ලෙස සටන් කිරීමට යුරෝපා සංගමයට යුතුකමක් ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, වත්මන් යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන අයර්ලන්තය විසින් ලබන අඟහරුවාදා (2) දින මේ පිළිබඳ විශේෂ තීරණාත්මක රැස්වීමක් කැඳවා ඇත.ඉකුත් බදාදා සිට නීතිවිරෝධී ලෙස දේශසීමා උල්ලංඝනය කරමින් ඇතුළු වූ 60,000කට ආසන්න සංක්‍රමණිකයන් පිරිස මේ වන විට සියලු දෙනාම පාහේ යළි පිටව ගොස් ඇති බව ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර, ඒ අනුව Ceuta කලාපයේ පැවතී නොසන්සුන් තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතියි.














