මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ හානි සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් හමුවීමට අමුත්තන්ට ලබා දෙන අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, 2026 අගෝස්තු 03, 04 සහ 05 යන දිනවලදී රැඳවියන් පෙන්වීම සිදු නොකරන බව මහර බන්ධනාගාර අධිකාරී එස්. ආර්. එල්. ගලප්පත්ති විසින් නිවේදනය කර ඇත.














