මගීන් 250කට අධික සංඛ්‍යාවක් රැගත් ‘KMP Mutiara Sentosa 2’ නමැති ඉන්දුනීසියානු මගී තොටුපළක් මුහුදේදී හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 41 දෙනෙකු අතුරුදහන් වී තිබේ. ඉන්දුනීසියාවේ ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සිය සඳහන් කර ඇත්තේ නැගෙනහිර ජාවා පළාතේ සුරබයා නගරයේ සිට දකුණු සුලවේසි පළාතේ මකාසාර් නගරය වෙත ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි. අතුරුදහන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.













