මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, එහි දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කරමින් පවතින බව බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, බන්ධනාගාර දේපළවලට සිදුව ඇති හානි පිළිසකර කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (3) සිට දින තුනක කාලයක් අමුත්තන් බැලීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර, ලබන බ්‍රහස්පතින්දා සිට යළි සුපුරුදු පරිදි ඥාතීන්ට අමුත්තන් බැලීමේ අවස්ථාව හිමි වේ. නොසන්සුන්තාවයට සම්බන්ධ වූ සැකකටයුතු රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති අතර, රෝහල්ගත කළ රැඳවියන්ගේ සහ මාරු කළ රැඳවියන්ගේ නාමලේඛන බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසල ප්‍රදර්ශනය කර තිබේ.














