මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මීට පෙර මීගමුව බන්ධනාගාරයේ වාර්තා වූ සිදුවීමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, එහිදී ගැටුම ඇති වූයේ රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර බව අධිකාරී මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, මෙම බන්ධනාගාර නොසන්සුන්තා ඇතැම් කණ්ඩායම් විසින් සංවිධානාත්මකව බාහිර සිට මෙහෙයවනු ලබන බවට තමන් සැක කරන බව යුක්ති අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය. බන්ධනාගාර තුළ පවතින තදබදය උණුසුම්කාරී තත්ත්වයන්ට බලපා ඇති බව පිළිගත් අමාත්‍යවරයා, මහජන දේපළවලට සිදුව ඇති හානි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.














