කොළඹ වරායෙන් නීත්‍යානුකූල පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මෙම මස අවසානයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් කර ඇති අතර, වාර්තාවේ කෙටුම්පත මුලින්ම කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ නිර්දේශ හා නිරීක්ෂණ ඇතුළත් කිරීමෙන් පසු අවසන් වාර්තාව සකස් කෙරේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.














