සෞඛ්‍ය පද්ධතිය තුළ පිළිකා රෝගීන්ට අවශ්‍ය ‘Oxaliplatin’ සහ ‘Filgrastim’ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 40කට අධික ප්‍රමාණයක් දිගු කලක් තිස්සේ දැඩි ලෙස හිඟ වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ‘Qdenga’ ඩෙංගු මර්දන එන්නත මෙරටට හඳුන්වා දීම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති අතර, ‘Mounjaro’ වැනි නවීන එන්නත් නීත්‍යානුකූල අනුමැතියකින් තොරව කළු කඩවල අලෙවි වීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කරයි. ඖෂධ නියාමන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා මාර්ගගත පද්ධතියක් (Online Tracking) සැකසීම, ජාත්‍යන්තර ප්‍රමිතියේ ඖෂධ සඳහා කඩිනම් අනුමැතිය (Fast-Track) ලබාදීම සහ වෙළඳපොළ වැටලීම් නිතර සිදුකිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් වෛද්‍යවරුන් විසින් රජයට ඉදිරිපත් කර ඇත.















