දකුණු කොරියානු බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් පිරිසකට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බාලදක්ෂ මූලස්ථානයේදී සිදු කර තිබේ.
මෙම කොරියානු බාලදක්ෂ ජම්බෝරිය සඳහා බාලදක්ෂයන්, බාලදක්ෂිකාවන් සහ ආචාර්යවරුන් 32 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වන අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය අසංක ඒරියාව, නියෝජ්‍ය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් කපිල පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














