ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශභාර ඉංජිනේරුවරුන් පවසයි.
ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි ඇති වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් දැඩි සැලකිලිමත් ලෙස සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටියි. මීට අමතරව, පවතින අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ.














