සේරුනුවර පොලිස් වසමට අයත් මැදගම සහ එල්.බී. දෙක අතර ප්‍රදේශයේ විදුලි වැට ප්‍රතිසංස්කරණ රාජකාරිවල නිරතව සිටියදී වල් අලි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අගෝස්තු 2 වන දින දහවල් මියගොස් තිබේ.
මෙසේ මියගො ඇත්තේ සෝමපුර පදිංචි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේරුනුවර බීට්ටු කාර්යාලයට අනුයුක්තව සේවය කළ, දෙදරු පියෙකු වන චාමර දිල්ෂාන් මදුරසිංහ (38) නමැති සිවිල් ආරක්ෂක භටයාය. ඉකුත් ජූලි 30 වැනි දින සෙසු භට පිරිසක් සමඟ විදුලි වැට සකස් කරමින් සිටියදී මෙම වල් අලි ප්‍රහාරය එල්ල වී ඇති අතර, සේරුනුවර ප්‍රාදේශීය රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබුණි.














