මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසයි.
ගතවූ පැය 24 තුළ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එම ජලාශය පිටාර මට්ටමට පැමිණීමට ඉතිරිව ඇත්තේ අඩි 31යි අඟල් 2ක ප්රමාණයකි. එසේම, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 16යි අඟල් 2ක් පවතින බවත්, ඊයේ (02) උදෑසන වනවිට එම ජල පෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 26ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.














