2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Playoffs වටයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වී ඇත්තේ දඹුල්ල සික්සර්ස් සමඟ පැවති තීරණාත්මක ලීග් තරගය අධික වර්ෂාව හේතුවෙන් අතරමගදී අත්හැර දැමීමත් සමඟය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී වර්ෂාව නිසා කිසිදු ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවිය.














