නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (03) දින අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කර තිබේ.
ජලාශය වාන් දැමීමත් සමඟ කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
Post Views: 2