හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව සඳහා දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පසුගියදා (31) ආරම්භ විය.
මධ්‍යම පළාතට අයත් මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාසල් හා විවෘත අංශය යටතේ සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ ක්‍රීඩා යෝග්‍යතාව පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරිණි.














