මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යට වී තිබේ.
එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, අඛණ්ඩව වර්ෂාව පවතින බැවින් හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයටද බාධා පැමිණ ඇත.
එම නිසා, අදාළ මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී දැඩි සැලකිල්ලෙන් යුතුව සහ සෙමින් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.














