හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ගුණානුස්මරණ පිංකම මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් සහ විහාරාධිපති කිරින්දේ අස්සජී නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහ ගිහිභවතුන්ගේ සහභාගීත්වයෙන් ගංගාරාම පුදබිමේදී පැවැත්විණි.
මෙයට සමාන්තරව සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අතර, ඊට දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.














