2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 (Playoffs) අතරට සුදුසුකම් ලබාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තේය. එහිදී චරිත් අසලංක පන්දු 37කින් ලකුණු 58ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර, සහන් ආරච්චිගේ ලකුණු 43ක් රැස් කළේය.
ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කැප්ස් කණ්ඩායමට පන්දුවාර 19ක පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 188ක් පමණි. ඒ අනුව ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් කලම්බු කැප්ස් ජයග්‍රහණයෙන් වළක්වාලීය.














