රිච්ටර් මාපාංක ඒකක 5.3ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 5.47ක ගැඹුරකින් හටගෙන ඇති බව ද සඳහන් වේ.
මෙම භූකම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඇතුළු නගර කිහිපයකට තදින් දැනී ඇති අතර, මේ වන තෙක් ජීවිත හෝ දේපළ හානි පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.














