‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වූ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත රුපියල් ලක්ෂ 400ක වන්දි හා දීමනා ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි.
නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාද එක්ව සිටියේය.














