කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ වී ඔය පිටාර ගැලීම හේතුවෙන් යටියන්තොට – බුලත්කොහුපිටිය මාර්ගයේ පරුස්සැල්ල බැම්ම පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. එමෙන්ම, වී ඔය පිටාර ගැලීම නිසා පරුස්සැල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයකටද ගංවතුර තර්ජන එල්ල වී ඇති බව වාර්තා කර ඇත.














