රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, පුළුගුපිටියේ ජලමාපකය මඟින් දැක්වෙන ජල මට්ටම අඩි හයේ පිටාර මට්ටම දක්වා පැමිණ තිබේ.
පවතින වැසි තත්ත්වය නිසා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුද්දුව සහ ඇත්ඔය යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වී ඇත. විශේෂයෙන්ම, රත්නපුර – අළුපොත ප්‍රධාන මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. මීට අමතරව, මුද්දුව පොදු සුසාන භූමිය සහ ඒ අවට පහත් බිම්ද යටවීම නිසා නිවාස කිහිපයකට ගංවතුර තර්ජන එල්ල වී ඇති අතර, මේ වන විටත් රත්නපුර ප්‍රදේශය වැහි අන්ධකාරයෙන් ගිලී කඩින් කඩ මහ වැසි ඇදහැලෙමින් පවතී.














