පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හමුවේ, ජලාශයේ ආරක්ෂාව සහ පහළ ඇති විය හැකි අධි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව අද (03) පස්වරු 3 වන විට විවෘත කිරීම ආරම්භ කරන බව මහවැලි අධිකාරිය පවසයි.
මෙමඟින් තත්ත්පරයකට ඝන අඩි 250ක පමණ සීඝ්‍රතාවයෙන් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට අපේක්ෂිතය.
ඒ හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයෙහි නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර ප්‍රදේශ සහ මහවැලි ගඟේ උලපනේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, සහ පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම අධිකාරිය ජනතාවට දන්වා සිටී.














