අද (03) දහවල් වන විට ශ්‍රී ලංකා කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක ඉහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව, සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ලකුණු 76.41කින් හෙවත් සියයට 0.36කින් ඉහළ ගොස් ලකුණු 21,205.62ක් ලෙස සටහන් වූ අතර, වැඩි ද්‍රවශීලතාවක් සහිත S&P SL20 දර්ශකයද ලකුණු කිහිපයකින් ඉහළ ගොස් තිබේ. බැංකු අංශයේ ගනුදෙනු ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.














