පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නාවලපිටිය සෝලන්කන්ද ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම, පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මහනුවර නාවලපිටිය ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ද බලපා ඇති අතර, නාවලපිටිය ප්‍රදේශයේ පවුල් 38ක පුද්ගලයින් 138 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














