පවතින වැසි තත්ත්වය අඩුවීමක් හෙට (04) දිවා කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහළින් සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතින බවත්, එම තත්ත්වය හේතුවෙන් අගෝස්තු 06 වැනි දිනෙන් පසු නැවතත් වැසි තත්ත්වය වැඩිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරියේදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වශයෙන් වැසි අපේක්ෂා කෙරේ.














