• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ අනාගතය ගැන කතා කරන්න පක්ෂ 6ක් ජනපති ළඟට යයි…

3 August 2026
in දේශීය, පුවත්
රටේ අනාගතය ගැන කතා කරන්න පක්ෂ 6ක් ජනපති ළඟට යයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලයගම් ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවකට ලක් වූ අතර, එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර ඇති බවත්, මතු වී ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධන සහ ජනතා සම්මුතියක්
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මහා ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ එම කර්තව්‍ය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත්ය. එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද ම මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතරම, විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කළ යුතු බව රජයේ ප්‍රතිපත්තිය බවයි. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
විවිධ ජන ප්‍රජාවන් වෙන් වෙන්ව තමන්ගේ අවශ්‍යතා සඳහා කටයුතු කරනවාට වඩා ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ මේ වන විට ස්ථාපිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, පසුගිය කාල සීමාව තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති නොවුණු බවද පෙන්වා දුන්නේය. නිශ්චිතව පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක් සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මලයගම් ප්‍රජාවගේ ගැටලු සහ විසඳුම්
මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා, වතු කම්කරුවන්ට සහ වතු කාර්ය මණ්ඩලයට පදිංචිය වෙනුවෙන් පර්චස් 10ක බිම් කැබැල්ලක නීත්‍යානුකූල අයිතිය ලබා දීමේ රජයේ යෝජනාව පිළිබඳව අදහස් දැක්ވި දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) වී. රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේ සමාගම්වල විරෝධතාව නිසා තමණ්ඩුතුවලින් ඉටු කර ගත නොහැකි වූ එම කර්තව්‍ය වත්මන්ණ්ඩුතුව යටතේ ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මධ්‍යම කඳුකරයේ කිසිදු ජනාවාසයක් නැති ප්‍රදේශවල පවා පුපුරායම් වාර්තා වී තිබෙන බවත්, මේ අනුව එම ගැටුමට විසඳුම් දිය යුත්තේ මධ්‍යම කඳුකරයේ තිරසර පැවැත්ම තහවුරු කරමින් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ සඳහා මේ වන විටත් වෙනම අධිකාරියක් පිහිටුවා ඇති බවත් සඳහන් කළේය. එම කටයුතු සමඟ මලයගම් ජනතාවගේ ගැටලු සඳහාද විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසීය.
විවිධ කාලවලදී විවිධ අවශ්‍යතා අනුව වතු සමාගම් සමඟ ගිවිසුම්ගත වී ඇති බවත්, 2042 වසරට පෙර මෙම ගිවිසුම් අලුත් කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා මේ අනුව නුදුරේදීම සමාගම් සමඟ නව ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බවත්, මලයගම් ජනතාවට බිම්කඩක නීත්‍යානුකූල අයිතිය ලබා දීම පිළිබඳ වගන්ති ඊට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.
ඉන්දියානු මූල්‍ය ආධාර යටතේ මලයගම් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ජනතාවට නිවසක හිමිකම ලැබුණද, ජල, විදුලි බිල්පත් ගෙවා ගැනීම ඇතුළු පහසුකම් සපයා ගැනීමේදී ඔවුන් ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දී සිටින බව ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) ජීවන් තොණ්ඩමන් මහතා පෙන්වා දුන්නේය. එම ජනතාවට ආර්ථික ශක්තිය ලබා දීම වෙනුවෙන් තොණ්ඩමන් පදනම සහ දෙමළ වන සංගමය මකළබේන කර නව වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් යෝජනා කර ඇති බවත්, වැවිලි සහ ප්‍රජා යන තළ පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වසරේ වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් 2027 අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර සහ අනෙකුත් ගැටලු
උතුරේ සහ මධ්‍යම කඳුකරයේ මෙම ගැටලු විසඳීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගේ අයිතිවාසිකම් එම ජනතාවටම හිමි විය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත්, කොමිෂන් සභා පත් කිරීම ඇතුළු මේ වෙනුවෙන් වූ සාධනීය පියවර මාලාවක් මේ වන විට ගෙන ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම, යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදි කිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැවසීය. විපතට පත් තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ඉදි කර දීමට කටයුතු කරන බවත්, එම නිවාස ඉදි කරන තුරු තාවකාලික නිවාස ඉදි කර දීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එම කටයුතු අවසන් වන තෙක් එම ජනතාවට කුලි නිවාස දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.
පළාත් සභා ඡන්ද ක්‍රමය සහ සීමා නිර්ණය කොමිසමේ කටයුතු පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරු අදහස් දැක්වූ අතර පුරවැසි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ආදී ආයතන පැරණි ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම නිසා උතුරේ සහ නැගෙනහිර ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කළහ.
මෙම සියලු කරුණුවලට සාධාරණයක් ඉටුකළ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට මෙලෙස එකමුතුවක් ගොඩනගා ගැනීම පිළිබඳ සියලු දෙනා වෙත ස්තූතිය පළ කළේය. එමෙන්ම සමාජය තුළ දුරස්ථබෝධයක් ඇති නොවන ලෙස පොදුදේ මහජන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා එම නියෝජිතයන් හමුවේ යෝජනා කළේය.
සහභාගී වූ පාර්ශ්ව
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් එහි සභාපති එම්.එච්.එච්. අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්.එම්. තාවුෆ්, එන්.ඒ.එම්.එම්. තාවුෆ් යන මහත්වරුද, ලංකා කම්කරු කොංග්‍රසය (CWC) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාද, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නියෝජනය කරමින් දෙය්‍යම් අලමස්කලනේන්, සුදර්ශන් ප්‍රේමචන්ද්‍රන්, මුරුගේසු චන්ද්‍රකුමාර් යන මහත්වරුද, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් යන මහත්වරුද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, නිසාම් කාරියකපර් යන මහත්වරුද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) නියෝජනය කරමින් වී. රාධක්‍රිෂ්ණන්, භරත් අරුල්වාමි යන මහත්වරුද එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Next Post

ඉදිරි පැය 36ට රතු අනතුරු ඇඟවීමක්!

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි පැය 36ට රතු අනතුරු ඇඟවීමක්!

ඉදිරි පැය 36ට රතු අනතුරු ඇඟවීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

6 August 2026
ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

ලෙබනන් – ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

6 August 2026

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

6 August 2026
ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

ලෙබනන් – ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

6 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved