කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ නියමිත කාලසීමාවන් යටතේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කර තිබේ.
ඒ අනුව මොරටුව සහ පානදුර ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 5 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන අතර, ඊට කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, පානදුර, කිරිබෙරිය සහ හිරාන ඇතුළු ප්‍රදේශ ඇතුළත් වේ. බණ්ඩාරගම ප්‍රදේශයට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12 ක කාලයක් ජලය විසන්ධි වන අතර, හොරණ, කුඹුක සහ ඉංගිරිය ප්‍රදේශවලට පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 5 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මීට අමතරව, පිළියන්දල සහ ඒ අවට ප්‍රදේශවලට අගෝස්තු 04 වන දින පස්වරු 4.00 සිට අගෝස්තු 05 වන දින අලුයම 8.00 දක්වා පැය 16 ක දිගු කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මෙම ජල සැපයුම් බිඳ වැටීම් හේතුවෙන් පීඩාවට පත් වන පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් පරිදි ජලය රැස් කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටී.














